පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට – මෛත්‍රී එන්න බෑ කියයි, රනිල් නොපැමිණෙයි

අගෝස්තු 26 වන දා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

ඊට පිළිතුරු ලෙසින් හිටපු ජනාධිපතිවරයා දන්වා ඇත්තේ, තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසත්ය. ඒ අනුව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් ලබන 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවට වාර්තා වේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (21) දිනයේ එම කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණද ඔහුද නොපැමිණි අතර, අදාළ ප්‍රකාශය ලබාදීමට තමන් අගෝස්තු 31 වැනිදා කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙන බව හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *