ප්ලාස්ටික් ආශ්‍රිත තවත් නිෂ්පාදන 7ක් තහනම් කිරීමට සැලසුම්

වරක් භාවිත කර ඉවතකරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ යටතේ ප්ලාස්ටික්වලින් සකස්කරන ලද බීමබට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉදිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා යනාදිය ඇතුලත්ය.

ඉකුත් මාර්තු මස 31වන දින සිට ෂැශේ පැකට් ඇතුළු එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පහක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

එමෙන්ම අගොස්තු මස පළමුවැනි දින සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් තහනම් කිරිමට ද පියවර ගෙන තිබුණි.

වාර්ෂිකව මෙරට තුළ පොලිතීන් බෑග් කෝටි 200 ඉක්මවන ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *