පළාත් පාලන මැතිවරණය ජයගැනීම අපේ අරමුණයි – රාජිත

ජාතික ලැයිස්තුවෙන් නියෝජනය විය යුත්තේ රජයට එරෙහිව හඬ නැගිය හැකි පුද්ගලයින් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුම ස්ථර විනාශ වී ගියේ රනිල් වික්‍රමසිංහ මහතාට සංවිධානාත්මක බව පිළිබඳව කිසිඳු අවබෝධයක් හෝ උවමනාවක් නොතිබූ නිසා යැයිද ඒ මහතා අවධාරණය කරයි.

තවත් වසර එකහමාරකින් පැවැත්වෙන පලාත් පාලන ආයතන මැතිවරණය ජය ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිරිව ඇති සියල්ලන්ම තමන් සමඟ එක් වනු ඇති බවටත් ඒ විශ්වාසය පළ කරයි.

“සිරිකොත වටලන්නෙ මොකටෙයි? සමගි ජන බලවේගයට පක්ෂ කාර්‍යාලයක් ඇති බවත්, සිරිකොත වැටලීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, “අපි වටලන්නෙ මුළු රටම” බවත් ඒ මහතා අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *