නිරෝධායන නීති කැඩූ 234 දෙනෙකු අත්අඩංගුවට

ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49,042 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එමෙන්ම පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා උලංල්ඝනය කරමින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයින් 205 දෙනෙකු ද ආපසු හරවා යැවීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.

මෙම සති අන්තය තුළ ද විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *