නිරෝධායනය කාලය සාර්ථකව නිම කළ 188 දෙනෙකුගෙන් යුත් සිව් වැනි කණ්ඩායමත් පිටව යයි

පුනානි හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කාලය සාර්ථකව නිම කළ සිව් වැනි කණ්ඩායමට ඇතුලත් පුද්ගලයින් 188 දෙනෙකු අද (27) නිවෙස් බලා පිටත් කර යැවුණි.

පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 163 ක පිරිසක් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ 25 ක පිරිසක්ද දින 14ක කාලයක් මෙලෙස නිරෝධායනයට ලක් වූ අතර මෙම පිරිස අතර කුඩා දරුවන්ද වේ. මෙම පිරිස් ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවල් වල සිට නැවත දිවයිනට පැමිණි කොළඹ, කටුනේරිය. හලාවත, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *