නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යයි

සැප්තැම්බර් 19 වන සෙනසුරාදා සිට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකිය.

සබරගමුව පළාතේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මේ අතර, ඌව පළාතේ සහ මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *