නියෝජ්‍ය පොලිස්පතිවරු 10ක් ඇතුළුව පොලිස් ලොක්කන් 14 කට මාරුවීම්

ජාතික පොලිස් කොමිසම මගින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 14 දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබේ.

ඒ අනුව පසුගිය දිනවල කතාබහට ලක්වූ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරුට එරෙහි විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා ගාල්ල දිස්ත‍්‍රික්කය භාරව මාරුකර යවා තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු ඒ මහතා බස්නාහිර උතුර භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළේය.

මේ අතර කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයේ, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මාරු කර යවා ඇත.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක ලෙසට පත් කර තිබේ.

මේ අතර මාරුකර යවා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් පහත පරිදි වේ.

  • සංජීව මැදවත්ත මහතා පොලිස් මානව සම්පත් කළමනාකරණ දිසාව භාර
  • එම්. එස්. සිසිර කුමාර වන්නි දිසාව භාර
  • එස්. ටී. එස්. පී. සන්දනායක මොනරාගල දිසාව භාරව
  • එල්. ඒ. සෙනෙවිරත්න මහතා සංචාරක දිසාව භාරව
  • කේ. ඞී. ඞී. ඒ. ජේ. කරවිට මහතා පොලිස් ප‍්‍රවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස
  • එච්. එන්. කේ. ඞී. විජය ශී‍්‍ර මහතා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස
  • ඒ. අයි. ජේ. චන්‍ද්‍රකුමාර පොලිස් තොරතුරු තාක්‍ෂණ දිසාව භාරව
  • ඊ. එම්. යූ. වී. ගුණරත්න පරිසර ආරක්‍ෂණ දිසාව භාරව
  • පොලිස් අධිකාරි එච්. ඞී. එස්. යූ. ජයසේකර මහතා කොළඹ දකුණ කොට්ඨාසය භාරව
  • සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජී. එල්. වෙත්තසිංහ මහතා සුභසාධන කොට්ඨාසය භාරව
  • එච්. එම්. කුමාරසිංහ මහතා මාතර කොට්ඨාසයටත් මාරුකර මාරුකර යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *