09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ. ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා සභාව වෙත දැනුම්දී තිබේ.
මේ අතර නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා නම් කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඔහුගේ නම යෝජනා කළ අතර එය නිමල් ලංසා අමාත්‍යවරයා විසින් ස්ථිර කර තිබේ.
නියෝජ්‍ය කාරකසහා සභාපතිවරයා ලෙස අංගජන් රාමනධාන් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා විසින් නම් කල අතර එම යෝජනාව ස්ථිර කළේ අමාත්‍ය දුමින්ද දිසානයක මහතා විසිනි.