දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට දෙමළ ජාතික සංවිධානය ජනපති හමුවීමේ සූදානමක්

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට සූදානමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

දේශපාලන හේතූන් මත රඳවාගෙන සිටින බව කියන සිරකරුවන් 96 දෙනකුගේ තොරතුරු සහිත ලියවිල්ලක් මේ වන විට දෙමළ ජාතික සන්ධානය රජය වෙත බාර දී තිබෙන අතර ඉන් 47 දෙනකු නිදහස් කිරීම සඳහා ජනාධිපති පොදු සමාවක් ඉල්ලා සිටීම දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂාවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිදුකළ සාකච්ඡාව පලදායී බවයි. එමෙන්ම ඉතා ඉක්මනින්ම මෙම ගැටළුව විසදීමට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *