දිස්ති‍්‍රක්ක 5 ක් සඳහා පනවා ඇති ඇදිරි නීතිය දහවල් 2 දක්වා ඉවතට

දිවයිනේ දිස්ති‍්‍රක්ක 5 ක් සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (27) උදෑසන 6 සිට දහවල් 2 දක්වා තාවකාලිකව ඉවත් කෙරුණා. මෙසේ ඇදිරි නීතිය ඉවත් කරන දිස්ති‍්‍රක්ක වන්නේ පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වලටයි. ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක සදහා අද දහවල් 2ට යළි ඇදිරි නීතිය පැනවීමට නියමිතයි. එසේ පැනවෙන ඇදිරි නීතිය ලබන සදුදා (30) උදෑසන 6 ට ඉවත් කර එදිනම දහවල් 2ට යළි පැනවීමට නියමිතයි.

මේ අනුව ඊයේ (26) තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කර තැබුණු දිස්ති‍්‍රක්කවලටද ලබන සදුදා උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා නැවත ඇදිරි නීතිය ඉවත් කර එදිනම දහවල් 2.00 සිට ඇදිරි නීතිය යළි පැනවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *