දිස්ත්‍රික්ක 8කට දහවල් 12ට පැනවීමට නියමිත ඇදිරිනීතිය දවල් 2 දක්වා දීර්ඝ කෙරේ (UPDATE)

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05කට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය යළි පැනවීම පස්වරු 2.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළේ අද (24) පෙරවරු 6.00ට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය මීට පෙර දහවල් 12.00ට යළි පැනවීමට තීරණය කළ ද, එය තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.


දිස්ත්‍රික්ක 8කට පැනවු ඇඳිරි නීතිය පැය 6 කට ඉවත් කෙරේ (Mar 24, 2020 at 06:35)

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (24) උදෑසන 6ට ඉවත් කර නැවත අද දහවල් 12ට යළි ඇඳිරි නීතිය පනවන අතර එය එළැඹෙන මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙනු ඇති. සිකුරාදා දහවල් 12 සිට යළිත් එම දිස්ත්‍රික්ක 08 සඳහා ඇඳිරි නීතිය පැනවේ.

සෙසු දිස්ත්‍රික්කවල ඊයේ (23) දහවල් 02 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය මාර්තු 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06ට ඉවත් කර එදිනම දහවල් 12 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබයි.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *