දාන මාන හා දුෂ්කරතා ඇති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතවී තිබෙන තත්ත්වය මත දාන මාන පහසුකම් හා අග හිඟකම් සම්බන්ධව ගැටළු පැන නැගී ඇති විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව දැනුම් දෙනවා.

ඒ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ දන්වා සිටිනවා.

ඒ සම්බන්ධ වැඩිදුර විමසීම් පහත සදහන් දුරකතන අංක මගින් ලබාගත හැයි.

0714 42 20 06
0382 23 28 68
0714 39 44 49
0372 26 72 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *