දක්ෂිණ අධිවේගී මාර්ගයේ බහු වාහන අනතුරක්: 10කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේ සිදුවූ බහු වාහන අනතුරකින් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ඇතුළු වාහන කිහිපයක් මෙම අනතුරට සම්බන්ධ වී තිබේ.

වාර්තා වන ආකාරයට, පාසල් සිසුන් රැගෙන යමින් තිබූ බස් රථයක් කැබ් රථයක ගැටීමෙන් අනතුර ආරම්භ වී ඇති අතර, අනතුරත් සමඟ පිටුපසින් පැමිණි වාහන කිහිපයක් එකිනෙක ගැටී තිබේ.

බස් රථ දෙකක්, මෝටර් රථ හයක් සහ තවත් වාහන කිහිපයක් අනතුරට සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන රථවාහන ගාල්ල ප්‍රදේශයේ සිට දොඩංගොඩ අන්තර් හුවමාරුවෙන් පිටතට හරවා යැවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *