තාවකාලිකව වසා දැමූ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු යළි ඇරඹේ

ඊයේ (08) දින තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සම්පූර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කිරීමෙන් අනතුරුව අද (09) දිනයේ නැවත ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීන් 85 දෙනකු නිරෝධායනය කර ඇති බවත්, මේ වන විට ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගනිමින් සිටින බවත්ය. එමෙන්ම එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ එම නිළධාරීන් සම්පූර්ණයෙන්ම ආයතන පරිශ්‍රයෙන් ඉවත්කොට ඒ වෙනුවට අලුත් නිළධාරීන් යෙදවීමටත් පියවරගෙන තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *