ඩී.අයි.ජී. වරුණ මහතා එස්.ටී.එෆ්. සේනාවිධායක කරයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව සේනාවිධායක ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර ඇත.

දැනට පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතායි. ඔහු ත්‍රිකුණාමල නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති අතර, බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පුරප්පාඩු වන නව තනතුර සදහා පත් කිරීමට වැඩබලන ​පොලිස්පතිවරයා පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

මේ සඳහා අදාළ අනුමැතිය පොලිස් කොමිසම විසින් ලබාදී ඇති අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එය මැතිවරණ කොමිසමටද නිර්දේශ කර යවා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන ඒකකය හා බුද්ධි බළකායේ ආරම්භක නිර්මාතෘවරයකු වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේද සාමාජිකයෙකුද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *