ටිපර් – මෝටර් රථ ගැටුමෙන් 5ක් ජීවිතක්ෂයට

කුරුණෑගල – කොළඹ මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *