ජුනි මාසයට අදාළ 5,000 දීමනාව නොලැබෙන ළකුණු

කොවිඩ් ව්‍යාප්තියත් සමග ආදායම් මාර්ග අඩාල වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුපියල් 5,000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බව සදහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට ලිපියක් යොමු කර තිබේ.

වසංගත තත්ත්වය පාලනය වී ජනතාවට තම එදිනෙදා කටයුතු කරගැනීමේ හැකිතයාවක් පවතීනම් ජුනි මාසය සඳහාත් අදාළ දීමනාව ලබාදීමේ සැබෑ උවමනාවක් ඇත්ද යන්න සලකා බැලිය යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එමෙන්ම මෙම ආධාර ලබාදීමේ වැඩසටහන් වලින් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙම ලිපිය කැබිනට් රැස්වීමේ අවධානයට ද ලක්වූ බවත්, අදාළ ලිපියේ සඳහන් වන ලෙසට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම දේශපාලන ව්‍යාපෘතියක් ලෙසට අර්ථකථනය කිරීමට ඉඩ ඇති නිසා ජුනි මාසය සඳහා මෙම දීමනාව ලබාදීමට නොහැකි වන බවටද තීරණය කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *