ජනපතිගේ උපදෙස් මත දින 14ක් නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම මුදාහැරීමට පියවර – යුධ හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් යටතේ 3,518 දෙනෙක් නිරෝධායනයට ලක් කිරීමට රජය විසින් කටයුතු කර ඇත. එම පුද්ගලයින් අතුරින් 31 දෙනකු පමණක් ආසාදනයට ලක් ව ඇති අය ලෙසට හඳුනාගනු ලැබ ඇති බවත්, එමඟින් නිරෝධායන කටයුතු සාර්ථකව කරගැනීමට හැකි ව තිබෙන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ඒ ඊයේ (23) COVID – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ය.

ඊයේ දිනය වන විට පළමු කණ්ඩායම දින 14 ක සාර්ථක නිරෝධායන ක්‍රියාවලියට දායක වී ගත කර ඇති බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පළමුව නිරෝධායනයට පැමිණි කණ්ඩායම එම නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදවා හැරීමට කටයුතු කරන බවත්, ඒ අනුව (24) දිනයේ දී එම පළමු කණ්ඩායම මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදවා හැරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා මෙහි දී නිවේදනය කර සිටියේය.

ඒ අනුව, පළමු කණ්ඩායම සඳහා 350 කට ආසන්න සංඛ්‍යාවක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදවා හැරීමට කටයුතු කරනු ලබන බවත්, එලෙස නැවත නිවෙස් කරා පැමිණෙන පුද්ගලයින් පිළිබඳව කිසිඳු ආකාරයක බියක්, සැකයක් ඇති කර නොගත යුතු බවත් ප්‍රකාශ කළ අතර ඔවුන් පැමිණියේ නිරෝධායනයට පමණක් බවත් ඔවුන් රෝගීන් නොවන බවත් මෙහි දී අවධාරණය කරනු ලැබීය.

එසේ නිවෙස් කරා පැමිණෙන පුද්ගලයින් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් දෙනු ලබන උපදෙස් අනුව ඉදිරි දින කිහිපයත් සමාජ දුරස්ථභාවයකින් යුතුව ගත කරනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවීමට ප්‍රථම ලබා දීමට කටයුතු කරනු ලබා බවත් මෙහි දී යුධ හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කර සිටී. ඇඳිරිනීතිය ඉවත් කරනු ලැබූ අවස්ථාවේ දී බොහෝ පිරිස් පුද්ගල දුරස්ථභාවය කින් කටයුතු කරනු ලැබූ ව ද ඇතැම් පුද්ගලයින් එලෙස නොකරනු ලැබූ බව ද මෙහි දී අනාවරණය වූ බව ප්‍රකාශ කර සිටී යුද හමුදාපති වරයා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ (24) ඇඳිරි නිතිය ඉවත් කරන අවස්ථා වේ දී බොහෝ පිරිසක් එම දිස්ත්‍රික්කය තුළ සිටින බැවින් යම් කිසි පුද්ගල දුරස්ථභාවය කින් යුතු ව කටයුතු කළ යුතු වන බවයි.

එක් නිවසකින් එක් පුද්ගලයින් පැමිණ අවශ්‍ය භාණ්ඩ රැගෙන යන ලෙසත් නිව්දනය කර සිටී අතර, යාපනය අර්ධද්වීපය සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූයේ එක්තරා දේවගැතිවරයෙකුට COVID -19 ආසාදනයට ලක් වීම සම්බන්ධව සහ ඊයේ (22) දිනයේ දී වෛරසය අසාදනය වූ තවත් පුද්ගලයෙකු වාර්තාවීමත් නිසා බවත්, කෙසේ වුව ද මේ වන විට ඊට අදාළ බහුතරයක් පිරිස හඳුනාගෙන ඔවුන් සමඟ සම්බන්ධ වී නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් දී ඇති බවත්, එහෙත් තවත් පුද්ගලයින් කොටසක් හඳුනාගැනීමට ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.

එහෙත්, පවතින තත්ත්වය හමුවේ දෙවන හෝ තෙවන පාර්ශ්ව වලින් මෙම වෛරසය වැළඳීමේ හැකියාව වැඩි ඉඩකඩක් පවතින හෙයින් යාපනයේ සිටින ජනතාව හැකි තරම් නිවෙස් තුළටම වී ගත කරන ලෙසත් මෙහි දී විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *