ගුවන් හමුදා මගින් අයි.ඩී.එච් පරිශ්‍රයේ ඉදි කළ ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදේ

ගුවන් හමුදාව මඟින් කෙටි කලක් ඇතුළත අයි.ඩී.එච් රෝහල් පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගනු ලැබූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම ගොඩනැගිල්ල රෝගීන් වෙන වෙනම තැබිය හැකි කාමර 15 කින් සහ නාන කාමර පහසුකම් සහිතව ඉදි කරනු ලැබ ඇති අතර ඉතාම හොඳ මට්ටමේ පවතින බවත් ඒ සමඟම අයි.ඩී.එච් රෝහලේ ධාරිතාවය ද ඉහළ නැංවීමට සමත් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඊයේ (28) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *