කෝටි 42ක කුඩු සමඟ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් පොලිසියට කොටුවේ

අංගොඩ ලොක්කාගේ ගෝලයකු අඹතලේදී කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී රුපියල් කෝටි 42කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 42ක්, ටී 56 ගිනි අවි තුනක්, ජීව පතොරොම් 170ක් හා මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පිළිඹදව තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය දා ඩුබායි රටට පළා යාමට තැත් කිරීමේ දී කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් සිවුදෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ සගයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීය.

මේ අනුව කළ විමර්ශනයේ දී අංගොඩ ලොක්කා සමඟ සමීපය ඇසුරු කරමින් මත් කුඩු ජාවාරමේ යෙදුණු සැකකරුවකු ලෙස ඊයේ අත්අඩංගුවට ගත් තැනැත්තා හඳුනා ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *