කොළඹ හෝටල් හා අවන්හල් හෙට සිට විවෘත කිරීමට අවසර

සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හා ලියාපදිංචි කරන ලද කොළඹ හෝටල් හා අවන්හල් හෙට (26) දිනයේ සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් මෙම සේවා පවත්වාගෙන යාමට අවසර ලබා දෙන බවද ඒ මහතා සදහන් කරයි. එමෙන්ම කණ්ඩායම් 6 ක් යොදවා අදාළ ආයතන නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න පිළිඹද සොයා බලන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *