කොළඹ මැරීන් ඩ්‍රයිව්හි පෞද්ගලික බැංකු සේවකයෙකුටත් කොරෝනා

කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි NDB බැංකුවේ සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී තිබේ. එම බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති අතර, බැංකු ශාඛාවේ සේවය කළ කොවිඩ් ආසාධිත සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබාදී ඇත.

මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව අදාළ සෞඛ්‍ය විධි විධාන වලින් අනතුරුව හෙට දිනයේදී යළි විවෘත කිරිමට පියවර ගන්නා බවද බැංකු කළමණාකාරිත්වය දැනුම් දී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *