කොළඹ මහ නගර සභාව වාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට සිට යළි අරඹයි

කොරෝනා වසංගත තත්ත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු අය කිරීමේ කටයුතු නැවත හෙට (21) දිනයේ සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂනී ‍දිසානායක මහත්මිය විසින් ඒ පිළිඹද නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇති බවයි.

කොරෝනා වසංගතය පැතිරීයාම පාලනයවීමත් සමග රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ වනු ඇත.

අදාළ නිවේදනය හා මිල ගණන් පහතින් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *