කොළඹ පොත් ප්‍රදර්ශන භූමියට යනවා නම් කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුගත වෙන්න

කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුගත නොවෙමින් කොළඹ පොත් ප්‍රදර්ශනයට සහභාගී වන පුද්ගලයින් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන්ගේ අනුමැතිය අනුව මෙම තීරණයට එළඹී ඇත්තේ ඊයේ සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව එක් අවස්ථාවකදී ප්‍රධාන ශාලාව තුළ සිටිය යුතු පිරිස 300 ක් විය යුතු බවටත්, අනෙකුත් පොත් කුටිවල සිටිය යුතු පිරිස 150 ට සීමා විය යුතු බවටත් තීරණය කර තිබේ. එමෙන්ම පොත් ප්‍රදර්ශණය තුළ ගතකරන කාලය තුළ සෑම අයෙක්ම මුව ආවරණ පැලැද සිටිය යුතු අතර, මීටරයක දුර පවත්වාගෙන යාමද අනිවාර්ය කර තිබෙනවා.

මෙම රෙගුලාසි අද (19) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය, ආරක්‍ෂක හා ස්වේච්ඡා කණ්ඩායම් ප්‍රදර්ශන භූමියේ රැදවීමටද පියවර ගෙන ඇති බවටද වාර්තා වේ.

ඊයේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වූ පොත් ප්‍රදර්ශනය ලබන 27 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *