කොවිඩ් සටනට සහය දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

කොවිඩ් ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, යතුරුපැදි ලබාදීම සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘‘කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ’’ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව අගෝස්තු 30 වැනිදාට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබාදෙන බවටයි. ඒ අනුව මුල් අදියර යටතේ යතුරුපැදි අටසියයකට වැඩි සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිතව තිබේ.

සෑම මහජන පරීක්ෂකවරයෙක් සඳහාම වසර 5කට වරක් නව යතුරුපැදියක් රජය මගින් ලබාදීම සිදු කරන අතර, 2015 සිට මේ වනතෙක් මහජන පරීක්ෂකවරුන් සඳහා එම යතුරුපැදි ලබාදී නොමැත. ඒ අනුව මෙතෙක් යතුරුපැදි නොලැබූ 805කට පමණ නව යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *