කොරෝනා පැතිරීම වේගවත් වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝග වසංගතය වේගවත් වී ඇති බවත්, මේ වනවිට ලොව පුරා සැලකිය යුතු ලෙස රෝගීන් වර්ධනය වීමක් දැකිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ප්‍රථම වරට කෝවිඩ් -19 වාර්තා වූ දින සිට ආසාදිතයන් 100,000ක් වාර්තා වීමට දින 67ක්ද, දෙවැනි ආසාදිතයන් 100,000 වාර්තා වීම සඳහා දින 11ක්ද, තෙවැනි ආසාදිතයන් 100,000 වර්තා වීමට දින 4ක් වැනි ඉතා කෙටි කාලයක්ද ගත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ වෙතත් වෛරසය පැතිරීමේ ස්වභාවය වෙනස් කිරීම තවමත් කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අවධාරණය කරයි.

රෝගීන් හඳුනා ගැනීම සඳහා දැඩි පරීක්ෂණ සහ ආසාදනය වූවන්ගේ සම්බන්ධතා සොයා ගැනීමේ උපාය උපක්‍රම හැකි පමණ අනුගමනය කරන ලෙසයි වැඩිදුරටත් එම සංවිධානය පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *