කොරෝනා නිසා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 175 ක් ඇප මත නිදහස්

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග රට තුළ ඇතිවී තිබෙන තත්තවය මත මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර තිබේ.

මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ රැදවියන් 51 දෙනෙකු ඊයේ (28) දින මුදාහැර තිබෙන අතර රට තුළ බලපැවැත්වෙන ඇදිරිනීතිය තත්වය මත එම රැදවියන් අදාල පොලිස් ස්ථානයන් වෙත භාරදී ඔවුන්ට නිවෙස් බලා යාමට අවස්ථාවද සලසා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *