බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව ආරක්ෂක අංශ වාර්තා කරනවා. ඒ අනුව එම ප්‍රදේශයේ කිසිඳු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් පිටතට යාමට හෝ එම ප්‍රදේශයට ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැත. මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් 26 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති බවයි.
මෙම හේතුව සැලකිල්ලට ගෙන බණ්ඩාරගම අටළුගම ගම්මානය අද (27) සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තිබීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.