කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ට

මෙරට කොවිඩ් වෛරස් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කර සිටී.

ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් ආසාධිතයින් 27 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 15 දෙනෙකුම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායිවල සිටි පැමිණි පිරිසකි.

කෙසේ වෙතත් ඊයේ (21) දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 604 ක් වේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 435 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *