කොරෝනාවට එරෙහි පළමු එන්නත නිපදවීමට රුසියාව සමත් වෙයි

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත් වී තිබේ. ඒ අනුව එම එන්නත රුසියාව තුළ ඊයේ (11) දිනයේදී ලියාපදිංචි කර ඇති බව රුසියානු ජනාධිපති පුටින් සඳහන් කරයි. සිය කැබිනට් අමාත්‍යවරුන් සමග සජීවී දුරකථන සංවාදයකට එක්වූ ජනාධිපති පුටින් පවසා සිටියේ මෙම එන්නත සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබාදුන් බවයි.

මාස 2 කට ආසන්න කාලයක් පුද්ගලයින් යොදා ගෙන පරීක්ෂාවට ලක් කෙරුණු මෙම එන්නත මොස්කව් අගනුවර පිහිටි ගැමලෙයා ආයතනය මගින් සකස් කර තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවීමත් සමග එය මහා පරිමාණ වශයෙන් එන්නත් කිරීමට හැකියාව පවතින බවටත් වාර්තා වේ. රුසියානු ජනාධිපතිවරයාගේ දියණියද මෙම එන්නත මුල් වරට ලබා දුන් අය අතර සිටින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *