කොණ්ඩ සුදූ අයිස් තොගයක් සමග කොටුවෙයි

කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 805 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම ලක්ෂ 5කට ආසන්න බවට අනාවරණය වී ඇත.

මෙහිදී සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් සහ කඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කුලී වැඩවල නිරතවෙමින් මෙලෙස මත්ද්‍රවය ජාවාරම සිදුකර ඇති බවටය.

37 හැවිරිදි වියේ පසුවන බොරැල්ල ටී 20 ප්‍රදේශයේ පදිංචි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *