Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

කෙහෙළියගේ නීතිඥයා ගැන වෘත්තීය සමිති අවුලෙන්

කෙහෙළියගේ නීතිඥයා ගැන වෘත්තීය සමිති අවුලෙන්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව CIDය ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනීසිටීම ගැටලු සහගත බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් විමර්ශනවල විනිවිදභාවය පිළිබඳ සැක මතුවන බවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව එම සමාගමේ හිමිකරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නමුත් සෞඛ්‍ය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කරමින් පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙම වංචාවට වගකිව යුතු බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක්  කොළඹ විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

එහි දී අමාත්‍යවරයාගේ නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍යය වෙත ද අදහස් පළ කළේය.

කෙසේ වෙතත් මේ වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ මනෝජ් ගමගේ මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනී සිටීම සදාචාරයට පටහැනි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *