කුවේට් සිට මෙරටට පැමිණි අයෙකුට කොරෝනා

මෙරට කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1028ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේදී වෛරසය ආසාදිත එක් රෝගියෙක් පමණක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මෙම රෝගියා පෙරේදා දිනයේදී කුවේටයේ සිට මෙරටට රැගෙන ආ පිරිස අතරේ සිටි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 584 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 435ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *