කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 4ක්

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කොට ඇති කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු තවත් සිව්දෙනෙකුට රටින් පිටව යෑම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබේ. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය අද නිකුත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් සිටින බවට සැක කරන ස්ථාන කිහිපයක් පොලිසිය විසින් සෝදිසි කළ ද ඔවුන් එම ස්ථානවල නොසිටි බවයි. මෙම වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *