කැළණි විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. මෙම ශිෂ්‍යාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවට වාර්තාවේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කළේ අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකුද PCR පරික්ෂණයට භාජනය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *