කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය පෙබරවාරි 3

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  බලන්ගොඩ කස්සප සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමිවරු රිමාන්ඞ් භාරයට පත් කරමින් නිකුත් කර ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු රිට් පෙත්සමේ නියෝගය පෙබරවාරි 3 වන දින ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

මෙම නියෝගය  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල   ප්‍රකාශයට පත් කිරීම අද දින නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය  පෙබරවාරි 3 වැනි දින ප්‍රකාශයට පත්කරන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *