කටුනායක කොවිඩ් ආසාධිතයින් ගණන තවත් ඉහළට

මේ වන විට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කර සිටියි. අද සවස වන විටි ලැබී තිබුණු PCR පරීක්ෂණ වලට අදාළ වාර්තා වලට අනුව තවත් කොරෝනා ආසාදිත සේවකයින් 3 දෙනෙක් හදුනා ගෙන තිබේ.

පසුගිය 09 වැනිදා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තිදෙනෙකු මුලින්ම කොරෝනා ආසාධිතයින් ලෙස වුණු අතර, ඊයේ දිනය වන විට තවත් සේවකයින් 11 දෙනෙකු හදුනා ගනු ලැබුවා.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අත් වැසුම් නිපදවන කම්හලක සේවකයින් 1000 ක් පමණ මේ වන විට PCR පරීක්‍ෂණය සඳහා යොමුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *