ඔබේසේකරපුර අරුණෝදය මාවත සහ මහරගම යහම්පත් මාවත වසා දැමේ

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත ප‍්‍රදේශයට ඇඳිරි නීිතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. දේවගැතිවරයෙකු සමග වන්දනා ගමනකට සහභාගි වු එම ප‍්‍රදේශයේ වැඩිහිටියන් 4 දෙනෙකුට හා ළමුන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්‍ෂණ මතුවීම හේතුවෙන්.

මෙම සිදුවීම හේතුවෙන් ප‍්‍රදේශයේ පවුල් 4 ක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර සිටින බවයි ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා පවසා සිටින්නේ. මෙම වන්දනා ගමන සංවිධාන කළ දේවගැතිවරයා දේවස්ථානය ද වසා දමා ඔහු ද අතුරුදන්වී ඇති අතර ඔහුගේ ජංගම දුරකතනය ද කි‍්‍රයාවිරහිත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මහරගම යහම්පත් මාවතේ සිටි පුද්ගලයෙකුට අද (29) කොරෝනා වෛරසය ධනාත්මක ‍බවට සනාථ වී තිබේ. ඒ හෝමාගම රෝහලේ දී කරන ලද පරීක්ෂණයකදීයි. මේ වනවිට මහරගම යහම්පත් මාවතද වසා දමා අදාල පවුල නිවස තුලම නිරෝධයනයට යොමුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *