එක්සත් ජනපදයේ කොරෝනා රෝගීන් 104,000 ඉක්මවයි. මරණ 1,701ක්

එක්සත් ජනපදයේ තහවුරු කරන ලද කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව සිකුරාදා දිනය අවසන් වන විට 104,000 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදන තත්වයන් සීඝ්‍රයෙන් නව ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබේ.

විදෙස් වාර්තා වලට අනුව, මේ වන විට එක්සත් ජනපදයේ අවම වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස් රෝගීන් 104,205 ක් සිටින අතර පුද්ගලයින් 1,701 ක් මේ වනවිට මියගොස් තිබේ.

එක්සත් ජනපදය තුළ කොරෝනා වෛරස් අසාධනය වූ පළමු සිද්ධිය වාර්තා වී මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර මේ වනවිට චීනය සහ ඉතාලිය අභිබවා යමින් ගෝලීය වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. එක්සත් ජනපදයේ මෙම වෛරසය දැඩි ලෙස ගොදුරු වී ඇත්තේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි නගර වන අතර එම නගර දෙකෙහි පමණක් ඇති ආසාධිතයින් සංඛ්‍යාව 55,000 ලෙසත් මිය ගිය සංඛ්‍යාව 714ක් ඉක්මවන බවටත් නවතම තොරතුරු වාර්තා කරයි.

මේ අතර අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර අයත් ක්වින්ස් නගරයේ පිහිටි එල්ම්හර්ස්ට් රෝහල මේ වන විට කොරෝනා ආසාදිතයින් රැසකගෙන් පිරී ගොස් තිබෙන අතර කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින රෝහල තුළ පහසුකම් අවම වීම හේතුවෙන් ආසාදිතයින් රැසක් මියයන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *