ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක්

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් කැඳවන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.

පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් අදාළ යෝජනාව මහලේකම් කාර්යාලයට භාරදුන් බවයි.

හිටපු අගමැති ඛාන් වෙනුවෙන් කතා කරන ලෙස මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයාට රැකවරණය ලබාදෙන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින ලෙසද මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

මෙම යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ විවාදයට ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *