ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට ධීවරයන්ට නාවික හමුදාවේ සහය

අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට සහය ලබා දීම සඳහා හෙට (21) දිනයේ විශේෂ නාවික හමුදා යාත්‍රාවක් පිටත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටී.

එම යාත්‍රා ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200 ක් පමණ ආසන්නයේ රැඳී සිටින අතර කුණාටුවේ තත්ත්වය යහපත් වු නිසා අද දින නැවත් ලංකාව දෙසට යාත්‍රා කිරීම ආරම්භ කර ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නැවත යාත්‍රා කරන අවස්ථාවේ දී අමතර ඉන්ධන අවශ්‍ය වුවහොත් ලබා දීම සඳහා මේ වන විටත් කුඩාවැල්ල වරායේ සිට ඉන්ධන රැගත් යාත්‍රා කීපයක් ද මේ වන විට පිටත් කර තිබේ.

මුහුදේ තත්ත්වය යහපත් වුවහොත් තව දින කීපයක් ඇතුළත ආදාළ සියලු ‍යාත්‍රා නිරුපද්‍රිතව නැවත ගෙන්වා ගත හැකි බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *