ඉතියෝපියාවේ සහ ඉරානයේ නව තානාපතිවරු

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් දූත මණ්ඩල ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ නම් යෝජනා අනුමත කර තිබේ.

ඒ අනුව නිර්මලා ඉන්දුමතී ඩයස් පරණවිතාන ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත් නම් කිරීමට කමිටුවේ අනුමැතිය හිමි විය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය මොහොමඩ් ඊබ්‍රාහිම් ෆසීහා අස්මි නම් කිරීම ද කමිටුව විසින් අනුමත කරන ලදී.

මීට අමතරව, කේ.ඒ. විමලේන්ද්‍රරාජා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *