ඇඳිරි නීතිය පනවා ඇති විට මහජනතාවට සහාය විමට පොලීසියෙන් දුරකථන අංක 3ක්

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව තම නිවෙස්වල සිට සිදුකරන දෛනික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පොලීසිය විසින් දුරකතන අංක තුනක් ලබා දී තිබේ.

රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම, ජල සැපයුම බිඳ වැටීම, ඖෂධ අවශ්‍යතාවන් වැනි කාරණා සඳහා මෙම අංක තුන භාවිත කළහැකි බව පොලිසිය දන්වා සිටී.

එම දුරකතන අංක වන්නේ

119, 011-2444480, සහ 011-2444481

Leave a Reply

Your email address will not be published. Required fields are marked *