ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද උදේ සිට රාත්‍රිය දක්වා විවෘත කර තැබීමට අවසර

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, හා ඖෂධ හල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ලබා දී තිබේ. ඒ අනුව එක් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට ගොස් අවශ්‍ය සේවා ලබා ගතහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටින්නේ විවෘතව ඇති එම වෙළදසැල් සඳහා යාමේදී පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටි ආසන්නම ස්ථාන වෙත පමණක් යාමට ජනතාවට අවසරය හිමිවන බවත් නිධන්ගත රෝග සහ වයෝවෘද පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසත්ය. එමෙන්ම නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *