ආයුර්වේද, සිද්ධ සහ යුනානි 160කට සීමාවාසික පත්වීම්

බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා අතර පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක්  බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව  අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 160 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දා  මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන  ග්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *