හිරුණිකාට අධිකරණයට යන්න නොදෙයි

සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලට යාමට  පැමිණි අවස්ථාවේ පොලිසිය එය වැළැක්විය.

මේ මොහොතේ අධිකරණය ඇතුළේ විශාල පිරිසක් සිටින හෙයින් ඇතුලට යාමට ඉඩදිය නොහැකි බව පොලිසිය ප්‍රේමචන්ද්‍ර මහත්මියට දැනුම් දුන්නේය.අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද අධිකරණය ඇතුලට යාමට පැමිණි නමුත් පොලිසිය ඔහුගේ ගමන ද වැළැක්වීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් අධිකරණ සංකීර්ණය ඇතුළට ගොස් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *