ආපදා මරණ තවත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුද්ගලයින් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින අතර ආපදා නිසා සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 05කි.

දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88කට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

පවුල් 67,‍000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවුල් 6,176කට අයත් පුද්ගලයින් 26,846 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 104ක රඳවා සිටී.

ඊට අමතරව පවුල් 5,700කට අයත් පුද්ගලයින් 22,932ක් ඥාතීන්ගේ නිවෙස්වල රැඳි සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *