පානදුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වැඩ තහනම්

ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඊයේ මරණයට පත්වූ පුද්ගලයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට නිරීක්ෂණය වූ බැවින් එම ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ අදාළ සැකකරු ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වූ ජීප් රථයෙන් බිමට පැනීම නිසා තුවාල සිදුවූ බවය.

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබාදීමද සිදුකර තිබුණි.

එසේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස 6.30ට පමණ මියගොස් තිබේ.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ජංගම රථයේ ගමන් කළ නිලධාරීන් ඊය (06) උදෑසන 9ට පමණ වත්තපොළ ප්‍රදේශයේදී සංචරණ සීමා උල්ලංඝනය කිරිමේ වරදට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *