කොරෝනා

අලව්වේ සිට හෝමාගමට පැමිණි කාන්තාවකට කොරෝනා රෝග ලක්‍ෂණ

කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් ඊයේ (21) කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා (20) දිනයේ අලව්වේ සිට කොට්ටාවට පැමිණ ඇති අතර එහි සිට ත්‍රී රෝද රථයකින් ලැගුම්හල වෙත ගොස් ඇති බවද අනාවරණ වී ඇති බවටයි පොලිසිය පැවැසුවේ. කෙසේ වෙතත් ඇය සමඟ ලැගුම්හලට පැමිණි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරන්නේ පොරේදා රාත්‍රියේ මෙම කාන්තාවට උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇති බවත්, අනතුරුව ඇය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවත්ය.

ඇය ඇසුරු කර ඇති පුද්ගලයින්, ලැගුම්හල හා එහි හිමිකරුවන්, ගමන්කළ ත්‍රිරෝද රථ ඇතුළු බොහෝ දේ පිළිබඳ කරුණු සෙවීම සඳහා පරීක්‍ෂණ මේ වනවිට ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *