අමෙරිකාව සියළු රටවල් අභිබවා කොරෝනා මරණ හා ආසාධිතයින් වාර්තා කරයි

කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාධනය වී ඊයේ දිනය තුළ එක්සත් ජනපදයේ පුද්ගලයින් 1,049ක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති මුළු සංඛ්‍යාව 5,109 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 215,081 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේ වැඩිම සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වූයේ නිව් යෝර්ක් නගරයෙන්. එහි මරණ ප්‍රමාණය 505ක් ලෙසත් රෝගීන් ප්‍රමාණය 7,918ක් ලෙසටත් සටහන් වුණා. මේ වන විට නිව් යෝර්ක් නගරයේ මුළු මරණ සංඛ්‍යාව 2,219 ලෙසටත් මුළු ආසාධිතයින් සංඛ්‍යාව 83,901 ලෙස වාර්තා වේ.

(මූලාශ්‍ර : https://www.worldometers.info)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *